ගාල්ල පොලිස් කොට්ඨාසයට අයත් ගාල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් බස් රථයක ටැංකියේතිබෙන ඉන්ධන(ඩීසල්) අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ පෞද්ගලික ස්ථානයකදී නීති විරෝධී ලෙස ඉවත් කරමින් සිටින බවට අලුත්ගම පොලිසියට ලද පැමිණිල්ලක් ඔස්සේ ක්‍රියාත්මක වී පොලිස් බස් රථයේ රියදුරු ඩීසල් ඉන්ධන ලීටර්11 ක් හා එම බස් රථයසමග අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙම පොලිස් බස් රථයෙන් රාජකාරී නිලධාරීන් පිරිසක් කොළඹ ප්‍රදේශයටරැගෙන ගොස් බස්සවාආපසු එන අතර තුර රියදුරු කොස්තාපල් වරයා මෙලෙස මොරගල්ල සංචාරක පොලිස් ස්ථානයට නුදුරින් පෞද්ගලික ස්ථානයකට බස් රථය ගාල් කර ටැංකියේ තිබූ ඩීසල් ඉවත්කර මුදලට විකිණීමේ අරමුණෙන් රාජකාරියට පටහැනි ක්‍රියාව සිදුකර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් සැකකාරපොලිස්කොස්තාපල්වරයා හබරාදුව පොලිස් වසමේ පදිංචිකරුවෙකු වන 32 හැවිරිදි 2013 වසරේ පොලිස් දෙපාර්තමේන්තුව එක්ව ඇතිඅයෙකු බව පොලිසිය කියයි.
රජයේ දේපළ වංචා කිරීමේ චෝදනාව යටතේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. රජයේදේපලක් වන පොලිස් බස් රථය පෞද්ගලිකපරිශ්‍රයකට ඇතුල් කර ගැනීමට අනුබල දී ඉන් ඉන්ධන බෑ මට අනුබල දුන් මොරගල්ලප්‍රදේශයේ පුද්ගලයකුද සැක පිටපොලිස් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.
පොලිස් බස් රථයෙන් ඉන්ධන ඉවත් කිරීමට උපයෝගී කරගත් අඩි අටක් පමණ දිග ප්ලාස්ටික් බටයක් හා ඩීසල් පිරවීමට යොදාගත් ප්ලාස්ටික් බැරලයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ, මහතාගේ උපදෙස් මත අලුත්ගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, පොලිස් පරීක්ෂක වරුෂ විතාන යන මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම කර සැකකාර පොලිස් බස් රථ රියදුරු කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
තුසිත කුමාර ද සිල්වා
under the courtesy of lankacnews.com news web
